Sunday, May 17, 2020

" චන්ද්‍රවංකය " - කෙටි නවකතාව - කසුන් සමරකෝන් ලියයි - පළමු කොටස

චන්ද්‍රවංකය "කෙටි නවකතාව - කසුන් සමරකෝන් ලියයි 

පළමු කොටස -


           මේ කතාව කොහොම කියන්නද කියලා කල්පනා කළේ. ආදරේ කියන දේ සමහරවිට මේ සියලුම දේවලින් බැහැර දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට මේ මොහොත පමණක් වෙන්න පුළුවන්. මේ දැන් මට ඇහෙන Costa ගේ ,නුවර මචං' සිංදුව වගේ කාලය ගෙවිලා ගිහින් බලා ඉදිමක් විතරක්ද මේ මොහොත. එහෙම නැත්නම්අ මරදේව මහත්තයාගේ 'කොලොම් තොට නැත මහලුවී ' සිංදුව කියන්නේ සාපේක්ෂව වයසට යාමක්ද මේ මොහොත.

මම මේ සිංදු දෙක ඔලුවෙන් ප්ලේ කරන්න ගත්තා.  කලෝන් සුවද එක්ක කාලෙකට පස්සේ  ආදරේ එහෙමම ඇස් ඉස්සරහ ඉන්නකොට අපිට අපිවම අමතක වෙනවා. ඒත් තාමත් ඔලුව සිංදු කීපයක්ම වාදනය කරනවා.  අස්සේ අපි වටේ සෙනග එහෙ මෙහේ යනවා. බක්මහේ උත්සව සමයක සීතලම නගරයක කෝපි කෝප්ප දෙකක් ඉස්සරහා තියාගෙන අපි ඉන්නවා.

" ඔයා  වගේමයි" මම කිව්වේ එයාගේ දිලිසෙන ඇස දෙක දිහා බලාගෙන.

" හ්ම්ම්" කියලා විතරක් කිව්ව එයා ලස්සනට හිනා වුනේ ඉස්සර වගේම දිලිසෙන ඇස් වලින්.

" මම නම් වයසට ගිහින්, ඒත් ඔයා  වගේමයි " මම එයාගේ අත අල්ලගත්තා. ගොරෝසුත් නැති සුමුදුත් නැති අතේ හැඩේ වෙනස්වෙලා තිබුණේ නැහැ.

 එයා පුටුව ඉස්සරහට කරලා මගේ දිහාවට තවත් නැවුනා . ඉස්සර වගේම අදත් ඇදන් ආපු ගවුම හරිම ලස්සනයි. මම එනවා කියලා නොදැන හිටියට මම ආසම විදියට කැන්වස් සපත්තු දෙකක් දාගෙන එයා  හිටියා. එයා මගේ සන්ග්ලාස් එක අරගෙන එක අතකින් ඒකෙ ෆ්‍රේම් එක වටේ අත ගෑවා. ඊට පස්සේ හිමීට කතා කරන්න ගත්තා.

" එකේ රහස ,මම ඊයේ ඔයාව මුණගැහිලා අද ආපහු මුණගැහුණ එක" එයා කිව්වේ ඇස් පොඩි කරලා හිනාවෙන ගමන්.

" අපි හම්බවුනේ අවුරුදු ගාණකට පස්සෙනේ ?" මම ඇහුවේ කුතුහලයක් එක්ක.

" ඔව් ඔයාට අනුව අවුරුදු ගාණක් , මට අනුව දවසක් විතරයි " එයා කිව්වේ ස්ථිරසාර හඩකින්.

"  කියන්නේ ඔයා  හිතින් මාත් එක්ක දිගටම කතා කළා කියන එකනේ පහුගිය කාලෙම " මම මේ අස්ථාවර බව නැති කරගන්න ඇහුවා. එයා හිමීට කෝපි එක බොන්න පටන් ගත්තේ සන්ග්ලාස් එක පැත්තකින් තියලා.

" දැන් අයියේ මෙහෙම හිතන්නකෝ" ඉස්සර වගේම 'අයියේ ' කියන එක ආදරෙන් ඇදලා ලස්සනට කිව්වහම මගේ හිත පිරිලා ගියා.  දැනුණ උණුසුම කොච්චරද කියනවනම් අපි වටේ තිබුණ සීත පරිසරය මොහොතකට අමතක වෙලා ගියා.
" අයියා ඉන්නේ ඊයේ නෙවෙයි අද, මේ අද කියන්නේ කාලය නෙවෙයි වෙලාව නේද? වෙලාව තමයි සාපේක්ෂව ගත කරන්නේ, නැතිව කාලය පිළිබද අපි උභතෝකෝටිකයකට එනවා,  කියන්නේ වෙලාව සහ කාලය අපි පටලව ගන්නවා. ඔයාගේ වේලාවෙන් මාව මුණගැහිලා කොච්ච්ච්ර කාලයක් වෙනවද?"

" හරියටම අවුරුදු තුනකට වැඩියි" මම හොදට  අවසන් දවස මතක් කරලා කිව්වා.

" අන්න හරි, එතකොට මගේ කාලය ඔයාගේ කාලය නොවුනොත් මොකද වෙන්නේ? " එයා ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක් අහන විදියට.

" කාල දෙකක් අතරදි සම බිමක් මොහොතක එන්න පුළුවන්,  කියන්නේ අපි දෙන්නටම සුදුසු කාලයක් තියෙන්න පුළුවන්"

" කාලයක් නෙවෙයි ,මගෙ පිස්සු අයියේ, වෙලාවක් තියෙන්න පුළුවන්, සාපේක්ෂ වෙලාවක් "

" එතකොට අපි අන්තිමට කෝපි එකක් බිව්වේ?" මගේ තොල කට වේලීගෙන යන්න වුනා.

" ඔව්, අපි දෙන්නා කෝපි බිව්වේ අන්තිමට මෙතන ඊයේ හවස, මම ඊට පස්සේ ගෙදර ගියා, ඔයාට වගේ නෙවෙයි මට ගොඩක් දුර යන්න තියන නිසා මම වේලාසන ගියා, මම කිව්වා මම UK යනවා කියලා, ඔයා මාව ඇරලන්න එන්න හැදුවා, එත් ඔයාට එන්න එපා කියලා මම කිව්වා"

" ඔව් මම එහෙම කිව්වා තමා"

 මොහොතේ අපි අසුන්ගෙන සිටි එළිමහන් ආපනශාලාව අසලින් කුඩා දැරියක් රැගත් යුවළක් ඇවිද ගෙන යන්නට වුනා. වයස දෙකක පමණ කුඩා දැරිවිය මගේ දිහා බැලුවා. මම සිනහවකින් ඇය දිහා බලලා දිව දික් කලේ සෙල්ලමට වගේ. එයත්  දේ අනුකරණය කරන්න ගත්තා.

"  පුංචි කෙල්ල ෂෝක් නේද? ඔයාගේ ලේලි පොඩ්ඩ වගේ" එයා කිව්වේ හිනා වෙවී.

" ඔයා දැක්කද FB එකේ ෆොටෝස් " මට පොඩි සතුටක් ඇතිවුනා. අවුරුදු ගාණක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්වූ ඇය මා පිළිබද වරින්වර සෙවීමට උනන්දුවක් දැක්වීම ගැන. "ඔයා වෙනුවෙන් මම ගොඩක් දේවල් ලිව්වා" මම කිව්වේ මගේ ෆෝන් එකේ ෆොටෝ එකක් හොයන ගමන්. "මෙන්න" මම එයා ඉස්සරහට ෆෝන් එකේ තිරය දිගු කළා. එහි තිබුණේ මම අලුතින්ම ලියා අවසන් කළ රහස් පරීක්ෂක නවකතාවේ පිටකවරය. "ඔයාව අද අහම්බෙන් හරි මුණගැහෙනවා දන්නවනම් මම පොත ගේනවා, මතකද  කාළේ අපි ෂර්ලොක් හොල්ම්ස් , Famous Five ගැන කතා කළා, ඒවායින් තමයි මම ලියන්න කල්පනා කළේ" මම කිව්වේ එයාගේ සිනිදු හිසකෙස් අතරින් ඇගිලි යවන ගමන්.

එයා මගේ අත ඔලුව මැදදී අල්ලගත්තා.

"ඔහොම පොඩ්ඩක් තියන් ඉන්න මගෙ අයියේ, පුදුම සනීපයක් ආත්මයට දැනෙන්නේ, ඒකට තමයි මම ලෝභ වෙලා ආපහු ආවේ " එයාගේ ඇස් වල කදුළු බිදු දෙකක් කම්මුල් දිගේ පහළට ගලාගෙන ආවා.

" මට තේරුනේ නැහැ, 'මම ආපහු ආවේ' කිව්වේ, ඔයා දැනන් හිටියද මම නුවරඑළියේ එනවා" මම ඇහුවේ ඇගේ දෑස් දිහා බලාගෙන. එයා ඔලුවෙන් මගේ අත අරගෙන හිමීට ඉම්බා.

" මේ කාලය සහ අවකාශය ගැන ඔයා දන්නවනම් කොච්චර ලස්සන දේවල් ඔයා කියයිද ? ලියයිද? " එයා කිව්වේ මගේ මූණ අතගාන ගමන්.  ස්පර්ශය ලබන්න මම අවුරුදු ගණනාවක් පෙරුම් පුරාගෙන හිටියා. එහෙම ටික වෙලාවක් අත තියාගෙන හිටිය එයා පුටුවට බර වුණේ වැදගත් කතාවකට මුල පුරන්න වගේ. " අයියේ මේ කතාව ටිකක් අමුතුයි, එත් ඔයාට කිව්වේ නැත්නම් මම ඔයාට කරන අසාධාරණයක්"

එයා වට පිට හොදට බැලුවා.  වේලාව හවස හතරට කිට්ටු කරලා තිබ්බේ. ඈතින් පරවියෝ ගොඩක් පියාබ පියාබ හිටියා. අපිව පහු කරගෙන ගියපු චුටි කෙල්ලට අම්මයි තාත්තයි අයිස් ක්‍රීම් එකක් අරන් දීලා . එයා නිදහසේ අයිස් ක්‍රීම් එක කන ගමන් මගේ දිහා බලලා දිව දික් කළා. අපි හිටපු එළිමහන් පාර අයිනේ ෆුට් බිසිකලයක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ආදරනීය කතාවක් දාගෙන යනවා.

" මගෙ අයියේ මේ කතාව මගේ කතාවකට වඩා ඔයාගේ කතාවක්" එයා මගේ අත ඉබලා ඉස්සරහට නැවුනා. මගේ නළලට හාදුවක් දුන්නා.

 එක්කම මට දැනෙන්න ගත්තේ කාලය නතර වෙනවා වගේ. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයයි හදවත ආදරයෙන් පිරිලා තියන එකයි ඔක්කොම එකතු වුනාම මේ වගේ අමුතු සංසිද්දී සිදුවෙන්න පුළුවන් කියලා මට හිතුනා. ඒත් හරිම හුදකලා නිහඩබවක් දැනෙන්න ගත්තා.  එයා හෙමීට  ආපහු වාඩිවෙලා ගවුමේ රැලි ලස්සනට හරිගස්සගන්න පටන් ගත්තා.

අමුතු සංවේදනා දාරාවක්මේ පිට දිගේ ගලාගෙන යන්නට වුණා. මම හෙමීට වටපිටාව බලන්න පටන් ගත්තා.   වෙනකොට අපි වටේ සියලු චංචල දේවල් නිශ්චල වෙලා තිබ්බේ. චූටි කෙල්ල දිව දික්කරගෙන ඈත ඉන්නවා තාම. එයා හෙලවෙන්නෙවත් නැහැ. බයිසිකලේ පැදන් ගිය වැඩිහිටි ජෝඩුව  දෙන්නා  දෙන්නම  දිහා බලාගෙන. ගුරුත්වයට අහුවෙලා නැහැ වගේ බිසිකලේ කෙලින් තියනවා. පියාබමින් සිටි පරවියෝ එහෙමම ගල්වෙලා වගේ. ඔක්කොම Virtual Reality ගේම් එකක් අස්සේ ප්‍රොසෙස් වෙලා Pause වෙලා කියලා මට දැනුනේ.අපි හිටපු රෙස්ටුරන්ට් එක ඇතුලේ හැමෝම ගල්වෙලා වගේ නතරවෙලා. මගේ ඇගේ හිරිගඩු පිපෙන්න පටන් ගත්තා.

 වෙලාවෙම එයා මාව කෙනිත්තුවා. 'ඌයි' කියලා ඉබේටම මට කියවුණා.

" අයියේ ඔයා ඉන්නේ හීනයක කියලද හිතන්නේ" එයා ඇහුවා.

ඇත්තටම මේක හීනයක් වෙන්න ඕනි කියලා මගේ උඩු හිත කියන්න ගත්තා.  එක්කම මගේ අතට දැඩි රස්නයක් දැනුණා. එයා හිමීට මගේ කෝපි කෝප්පේ මගේ අතේ ගෑවෙන්න ලංකරලා. ඒකෙ රස්නේ දැනෙන්න ගත්තේ. මම එයා දිහා බැලුවා. මගේ මූණ දාඩියෙන් පිරිලා.

"අයියේ.. අයියේ.. අයියේ.." එයා රහසක් කියනවා වගේ ආදරෙන් කිව්වා, මම එයා දිහා බැලුවා. තවමත් මට මේ වටා පිටාව ගැන අවබෝධයක් ලබාගන්න හරිම අමාරුයි.

" මේ මොකක්ද වෙන්නේ" මම ඇහුවේ අවිශ්වාසයකින්.

"අයියේ , ඔයා අද සීතා අම්මාන් කෝවිලට ගියා නේද?" එයා ඇහුවා. මම ඔලුව ඉහළට පහළට වැනුවේ 'ඔව්' කියලා කියන්න. "ඔයා හනුමන්තගේ කතාව දන්නවද? එයා ආවේ කොහේ ඉදන් කියලද හිතන්නේ?" එයා ඇහුවේ මගේ දැනුම පරික්ෂා කරන්න වගේ. මම තාමත් වට පිටාව පිළිබද ගැටළු සහගත සිතුවිල්ලක හිටියේ.

 " අයියේ අපි පොඩි ගමනක් යමුකෝ, මේ පේන දෙයින් ඈතට පොඩ්ඩක් යමු මගේ අයියේ " එයා එක සැරේම පුටුවෙන් නැගිටලා මගේ අත ඉල්ලුවා. මම අත දුන්නේ බොහොම සැකයෙන්.

ඊළග කොටසට  

No comments:

Post a Comment